Colombo Today Local News

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව අද (අගෝ. 12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරට ත් සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

Related posts

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

colombotoday

හදිසියේම කොළඹ නගරයේ ආරක්ෂාව තර කරයි

colombotoday

මුතුරාජවෙල රැක ගන්න සජබෙ උසාවි යයි

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

මෛත‍්‍රී 2020 ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි..

colombotoday