Colombo Today Local Newsextremism & terrorism activities

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව තමා නොපිළිගන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට පැවසූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් උපුටා දක්වමින් ‘මව්බිම’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව තමාට ප්‍රකාශ කළේ යැයි හකීම් මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර පෙරේදා (අගෝ. 10) ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී හකීම් මහතා එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසී යැයි ඔහු කීය.

මතභේදයට තුඩු දී ඇති මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව ත් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතු බව ත් මෙහිදී හකීම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

නැගෙනහිර පළාත මුල් කර ගනිමින් එක් ජන සමාජයක් ඉලක්ක කර ගනිමින් සිදුවන පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කළ යුතු බව ද සමන්තුරෙයි, මුතූර් වැනි පළාත් පාලන ආයතනවල තත්ත්ව උසස් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා වෙත හකීම් මහතා යෝජනා කර ඇත.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම, මෙරට දෙමළ, මුස්ලිම් ජනයා සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබාදීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ හා සාකච්ඡා කිරීම, මහනුවර නාවලපිටිය ගංවතුර ආපදා තත්ත්වයට පත් ජනතාවට සහන සැලසීම හා එම නගරය වෙනත් ස්ථානයකට රැගෙන යෑම ගැනද එහිදී ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් යෝජනා කර තිබේ.

එම ඉල්ලීම්වලට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව එම පක්ෂය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට එච්.එම්.එම්. හරීස්, ෆයිසල් කාසීම්, එම්.එස්. තවුෆීක් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පක්ෂයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා සහභාගි වී ඇත.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබා දී ඇති නිරේශ…

Related posts

යාපනේට සිංහල වානා.. සිංහල ජනතාවට නිකුත් කළ අනන්‍යතා පතේ සිංහල වචනයක්වත් නෑ !

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

එකම ස්ථානයක රසදිය ටොන් ගණනක් Asia Recycling සමාගම ගබඩා කරලා. ලෙබනනයේ මෙන් පිපුරුනොත් මහා විනාශයක්

colombotoday

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday

“තම හමුදාව එරෙහිව බොරු සාක්ෂි දුන් එකම ෆීල්ඩ්මාර්ෂල්..” ෆොන්සේකා ඉතිහාසගතවෙයි !!

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday