ඊයේ (14) දින ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 91ක් සහිත කන්ටේනරය නිරීක්ෂණය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් තිබේ.
බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි තොගයක් අතර සඟවා තිබිය දී මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 91 අද සොයා ගනු ලැබුවේ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ පරීක්ෂාවකදී ය.
වාර්තා වන අන්දමට ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට අධික ය.