Colombo Today Local News

සජින් වාස්, සශින්ද්‍ර ගෙනා සැප ‍බස් දෙක හමුදාවට.. කෝටි 5ක හිග වාරිකයත් හමුදාවටම ගෙවන්න වෙයි!

bus-vi

මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයක් නොමැතිව රුපියල් ලක්ෂ තුන්සිය පනහකට (350) මිලදී ගෙන ගෙන්වා හිටපු ඌවපළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විදේශකටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ද ගුණවර්ධනගේ පුද්ගලික පරිහරණය සඳහා යොදවා තිබූ අදි සුඛෝපභෝගී බස් රථ දෙක සඳහා මසකට රුපියල් නව ලක්ෂ හැත්තෑ දහසක (රු. 970,000) මුදලක් ගෙවිය යුතු බවත් මේ දක්වා මාස 60ක හිගමුදලක්ද පවතින බවත් එම ලීසිං සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක් අද (23) අධිකරණයේදී දැක්වූ කරුණුවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව මේ වනවිට පන්කෝටි අසූදෙලක්ෂයක් (රු. 58,200,000) හිග මුදලක් එම ලීසිං සමාගම වෙනුවෙන් ගෙවීමට ඇත.

මෙම බස් රථ දෙකහි සම්මන්ත්‍රණ පැවැත්වීමට ඉඩකඩ ඇති අතර නාන කාමර සහ නිදන කාමරද ඇතුළත්ව තිබෙන බවත් එක්වර ‍දොළොස් දෙනකුට පමණක් ගමන් කළ හැකි බවත් මුළු බස් රථයම වායු සමීකරණය කර දුරකතන පහසුකම් ද සලසා ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවැසීය.

එම බස්රථ දෙක යුද හමුදාවට සහ නාවික හමුදාවට පවරා දෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පැවති නඩුව අවස්ථාවේදී අදාළ පාර්ශව විසින් සිදු කළ කරුණු දැක්වීමේදී මේ බව අනාවරණය විය.

එහිදී මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇත්තේ මෙම බස් රථ දෙක යුද හමුදාව සහ නාවික හමුදාව වෙත පැවැරීමට විරෝධතාවක් නොමැති බවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසය.

හිටපු ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ සහ පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි හා විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රි සජින්ද වාස් ගුණවර්ධනගේ පෞද්ගලික පාවිච්චිය සඳහා මේ බස් රථ දෙක යොදා ගෙන තිබූ බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර විමර්ශනයක් ආරම්භ කර තිබූ හෙයින් බස් රථ දෙක පැවැරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත යුතුව තිබිණි.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මේ පිළිබඳව වැඩිදුර විභාගය ජුනි 27 දිනට කල් තැබුවාය.

කෙසේ නමුත් මෙම බස්රථ දෙක යුද හමුදාවට සහ නාවික හමුදාවට පවරාදුනහොත් අදාළ පන්කෝටි අසූදෙලක්ෂයක් (රු. 58,200,000) හිග මුදල ගෙවීමේ වගකීම බොහෝවිට යුද හමුදාව සහ නාවික හමුදාව විසින් ගෙවීමට සිදු වනු ඇත.

Related posts

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

colombotoday

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

colombotoday

අප්‍රේල් 16-17 විදුලි කප්පාදු කාලසටහන මෙන්න

colombotoday

සහරාන් සහ නීතිඥ හිස්බුල්ලා මද්‍රසා පාසල් ළමුන්ට අවි පුහුණු ලබා දුන් බව හෙළිවේ

colombotoday

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday