මෙවර අයවැයෙන් සියළු බදු වැඩිකර ඇති බවත්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ අඩු කිරීමෙන් එම බදු වැඩිකිරීම වසන් කිරීමට ආණ්ඩුව උත්සහා දරා ඇතිබවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
මෙම අයවැය දියවැඩියාවට දුන් සීනි එන්නතක් වැනි බවත්, 2015 අයවැයෙන් ශ්‍රී ලකාව නැමති දේහයේ වකුගඩු තවත් නරක් වන බවත් බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් තවත් මාස කිහිපයක් යනවිට ජනතාවට මේ පිළිබදව අවබෝධ වනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.