Colombo Today Local News

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (08)දින රාත්‍රි ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි ශිෂ්‍යයෙකි.

ඊයේ රාත්‍රී 7.00ට පමණ තෙල් පෝලිමේ සිටි මිය ගිය තරුණයා ඇතුළු පිරිසට අයත් මෝටර් රථයට ඉදිරිපස තිබූ හිඩසකට තවත් මෝටර් රථයක් ඇතුළු කිරීම සම්බන්ධව දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස් වීමකින් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තාවේ.

මෝටර් රථය ඇතුළු කිරීමට පැමිණි පිරිස පසුව කඩු පොලු රැගෙනවිත් පෝලිමේ රැඳී සිටි මියගිය තරුණයා ඇතුළ පිරිසට පහර දී තිබේ.

පහරදීම්වලින් තුවාල ලැබූ මෙම තරුණයා මිය ගොස් ඇත්තේ, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

මිය ගිය තරුණයාගේ සහෝදරයා, මෝටර් රථයේ හිමිකරු සහ පහරදීමට පැමිණි පාර්ශවයේ බවට සැකකරන පුද්ගලයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තව ද මියගිය තරුණයාගේ සහෝදරයට රථයට ද පිරිස පහරදී ඇතැයි, වාර්තා වේ.

Related posts

ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

ගිනි අවි 02 ක් සමග පුද්ගලයෙකු පෙලෙයිමුරුකණ්ඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

colombotoday

ජනපති තටු කපා ETCA අත්සන් කරන්න බලගතු ඇමති තනතුරක්.. අගමැති විශේෂ පනතක් ගෙනෙයි !

colombotoday

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday