කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
එම හමුව අද (07) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වී ඇත.
දෙරට අතර පවතින රාජ්ය තාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත.