Colombo Today Local News

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ උස්වැල්ල ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී ගංජා හේන් හතරක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලෑබද ප්‍රදේශයක ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම ගංජා හේන් වගා කර තිබී ඇති අතර එම ගංජා හෙන් හතරෙහි උස අඩි හයකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් දසදහසකට වඩා තිබී ඇති බවයි වාර්තාවන්නේ.

එම ගංජා වල වටිනාකමක රුපියල් ලක්ෂ පනහකට අධික බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සදහන් කරන අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබේ.

මෙම ගංජා හේන් වගාකල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු උස්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් පහක පුද්ගලයකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කරයි.

එම සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිස් විවිශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday

කොරෝනා ආසාදිතව නිවසක සිටි තරුණයෙක් පැන යයි

colombotoday

රුවන්වැලි මහසෑය අභියසදී අරියවංශ දේශනාව වෙනුවෙන් සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

Admin

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

Admin