Colombo Today Local News

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබාදීම හෙට (07)දින සිට ඇරඹේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එන්නත්කරණ දිනය හා ස්ථානය SMS මගින් දැනුම් දෙන බවයි.

ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ඊයේ (05)දින අලුයම මෙරටට රැගෙන ආවේ ය.

ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත් වූ අතර Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මෙම මාසය ඇතුළත කොටස් වශයෙන් ලැබීමට නියමිතයි.

Related posts

ගෑස් මිල වැඩිවෙන්නේ නෑ – රජයෙන් සහතිකයක්

colombotoday

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Admin

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday