වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් අත්අඩංගුවට ගත් 13 දෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පිරවුම් හලේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් නොසන්සුන්තාවට පත් පිරිසක් ගල් සහ බෝතල් ප්රහාරයක් එල්ල කළ බව පවසමිනුයි පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.