Colombo Today Local News

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන ‘ඩුබායි නිපුන’ නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ රුපියල් ලක්‍ෂ 21 කට අධික මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එහිදී ඇය සතුව තිබූ මුදල් රුපියල් 2,150,000 ක මුදල් සහ ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදුන් බවත් විශේෂ කාර්ය බලකාර වැඩි දුරටත් සඳහන් කරයි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් බොරැලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන හන්දියේදී කළ මෙහෙමකදී එම කාන්තා අත්අඩංගුවට ගත් බවත් එහිදී හෙරොයින් ග්‍රෑම් 20 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 ක වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් උපාය දූතයකු දමා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බලකාය කීය.

Related posts

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

බැදුම්කර කොමිසමේ සාමාජිකයෙක්, බාල බීම විකුණා අසුවූ සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරූ අයෙක් !

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

කෘෂිකර්ම ඇමති කිව්වේ අමූලික බොරුවක්.. මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ

colombotoday