Colombo Today Local News

රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

goma23රට පුරා රෝහල් කිහිපයක ඊයේ (31 දා) දියත් කළ පැය හතරක සංකේත වෛද්‍ය වර්ජනය සාර්ථක වූ බව ද ලබන සතියේ දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ අනිවාර්යයෙන්ම සිදුකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

වහා අඛණ්‌ඩ වර්ජනයකට යා යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ශාඛා සමිතිවලින් ඉල්ලීම් ගලා එන බව ද ඒ අනුව හෙට (02 වැනිදා) හදිසි මධ්‍යම කාරක සභාවක්‌ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කරන බව ද වෛද්‍ය හේරත් මහතා කීවේය.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්‌තුවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අත්තනෝමතික ලෙස බලපෑම් කිරීමට විරෝධය දක්‌වමින් වෛද්‍යවරු ඊයේ සංකේත වැඩ වර්ජනයක්‌ සිදු කළහ. බලාපොරොත්තු වූ දිස්‌ත්‍රික්‌කවල රෝහල්වල ඊයේ වැඩවර්ජනය සාර්ථක වූ බව කී වෛද්‍ය නලින්ද හේරත් මහතා එම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා, ළමා හා මාතෘ ප්‍රතිකාර හැරෙන්නට අනෙකුත් සාමාන්‍ය සේවාවන් නතර වූ බව ද කීවේය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය පවුල් පාලනයට නතුකර ඇති බවත්, ඔහුගේ බිරිද සහ දරුවන්ද අමාත්‍යාංශ කටයුතුවලට ඇමතිවරයා වෙනුවට මැදිහත් වන බවත් චෝදනා කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වහාම ඔහු අමාත්‍ය තනතුරෙන් ඉවත්කර ගුණාත්මක ඇමතිවරයෙක් පත්කළ යුතු බවද අවධාරණය කරයි. එසේ බැරිනම් අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගතයුතු බවද ඔවුන් සදහන් කරයි.

Related posts

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday

ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!

colombotoday

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

colombotoday

අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්

colombotoday