අම්බලන්ගොඩ බලපිටිය ප්රදේශයේ අද (26) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පාගම පොනදූව ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවෙකි.
ඔහු අද බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.