Colombo Today Local News

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

ඉන්ධන නොලැබීම නිසා ග්‍රාමීය ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා අත්‍යවශය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දුට ඊ​යේ (25)දින දැනුම් දී ඇත.

කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳුන් සතුව ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන නොමැති වීම නිසා දින ගණනාවක් ප්‍රවාහනය කිරීමට නොහැකි වී තිබේ. එම නිසා පිටකොටුවේ තොග වෙළෙඳුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිලද ඊයේ (25)දින අඩු වී තිබිණි.

රුපියල් 625ක් ලෙස පැවැති පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 460 දක්වා අඩු වී ඇත. එහෙත් ග්‍රාමීය ප්‍රදේශවල පරිප්පු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600 සිට 700 දක්වා වූ විවිධ මිල ගණන් යටතේය.

පිටකොටුවේ සීනි කිලෝවක තොග මිල ද ඊයේ (25)දින රුපියල් 12කින් අ​ඩු වී තිබිණි. සීනි කිලෝවක තොග මිල රුපියල් 315ක් ලෙස පැවැති අතර එය රුපියල් 303 දක්වා අඩු වී ඇත. මීට අමතරව හාල් මිලද අඩු වී තිබේ. ඉන්ධන ලබා දුනහොත් පිටකොටුවේ තොග වෙළෙඳුන්ගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන ග්‍රාමීය ප්‍රදේශවලට බෙදාහැරිය හැකි බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

Related posts

21 වන සං‌ශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

colombotoday

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday

උපදේශන සමාගමකට කෝටි කෝටි 88ක් දෙන්න නිමල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday