World

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි අගනුවරින් මෙම රෝගියා වාර්තා වී ඇති අතර මෙම පුද්ගලයා සමීපව ආශ්‍රය කළ අයව සහ විදේශ සංචාර පිළිබඳවද සොයා බලමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රෝගය වැළැක්වීම සඳහා එරට රජය විසින් මාර්ගෝපදේශ ද නිකුත් කර ඇති අතර දිල්ලි මහ ඇමති Arvind Kejriwal පවසා තිබෙන්නේ රෝගියා සුවය ලබමින් සිටින බවයි.

ඉන්දියාවේ පළමු රෝගීන් තිදෙනා දකුණු කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර ඔවුන් සියල්ලන්ම ගල්ෆ් කලාපයේ රටවල සංචාරය කර ඇති බවද වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) Monkeypox වෛරසය පැතිරීම ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පවසා තිබෙන්නේ රටවල් 75කින් මේ වන විට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

Monkeypox වෛරසය ආසාදනය වීමෙන් මරණ පහක් සිදුව ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

Related posts

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

colombotoday

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday