රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදා හරන ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද සිල්වා මහතා අද (07)දින නියෝග කර ඇත.
මෙම සැකකරුවන් ගෙන් දෙදෙනකු අද (07)දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු සාක්ෂිකරුවන් විසින් එම සැකකරුවන් හදුනාගනු ලැබ තිබිණී.
ඒ අනුව මෙම සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබේ.