Colombo Today Local News

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

ලංකා පොලිස් සේවයේ ශුභසාධනය පුළුල් කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය පුළුල් කිරීමට තීරණ කර තිබේ.

ඒ අනුව ශුභසාධනය පුළුල් කිරීමට පහත සඳහන් තීරණ ගෙන ඇත.

1.පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව වැඩි කිරීම.

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2.පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම.

පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍යතුමන්ගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

පොලිස්පතිතුමන් ප්‍රමුඛ කමිටුවක් මඟින් මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී දක්ෂ ජනාධිපති නීතිඥ මඩුල්ලක සහායද ලබාගත හැකිය.

3.සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට ලබාදෙන වාහන.

සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කෙරේ. තවද වසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

Related posts

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

colombotoday

මංගල ළඟ සිටි NGO කල්ලියක් ගෝල්ෆේස් විරෝධතාවය හයිජැක් කිරීමේ මෙහෙයුමක

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday