Colombo Today Local News

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිඳු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව පොලිසිය ඉල්ලා සිටියේ බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශවයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ඇග, මුහුණ වසාගත් නාදුනන පුද්ගලයෝ කොළඹ රිය ධාවනයේ.. නීති අන පනත් කැළේ.. පොලිසිය නිදි !

colombotoday

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

colombotoday

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday