Colombo Today Local News

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

අවුරුදු 4යි මාස 11ක් වයසැති කුඩා දියණියකට පහර දී , කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ මිත්තණිය විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත සිදුකළ පැමිණිල්ලක් අනුවයි සැකකරු ඊයේ (18)දින මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙක්.

සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර දිගින් දිගටම ඇති වු ආරවුල් හේතුවෙන් මීට මාස 5කට පමණ පෙර දැරිය මිත්තණිය වෙත භාර දී කාන්තාව විදෙස් ගත වී ඇති බව පොලිසිය සදහන් කරයි.

ඉන් මාස දෙකකට පසුව දැරිය සැකකරු විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර පසුව දැරියට වදහිංසා සිදුකර ඒවා පටිගත කර සිය බිරිඳ වෙත යවා ඇති බවයි පෙලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර සැකකරු අද (19)දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday

ඉදිරි දින කිහිපයේදී උදයං විරතුංග ලංකාවට ගෙන්වනවා… මීළගට රනිල්ගේ වාරයයි – හිටපු ජනපති

colombotoday

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

colombotoday