Colombo Today Local News

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

ජනාධිපති ධුරය සඳහා වන නාමයෝජනා භාරගැනීම අද (19)දින සිදු කිරීමට නියමිතව තිබේ.

අද (19) උදෑසන 10 .00ට පාර්ලිමේන්තුව රැස්වී නාමයෝජනා භාරගැනීම කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පසුගිය සෙනසුරාදා සභාවට දන්වා සිටියේ ය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ඇති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු වේ.

එසේ යෝජනා කරන මොහොතේ නම යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍යයි.

ඊට පසු එම යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු ස්ථිර කළ යුතු වේ.

මේ පිළිබඳව විවාද කිරීමට කිසිම හැකියාවක් නොලැබේ.

යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථිර කළ හොත් එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ඇති බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි.

එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කොට ස්ථිර කළ හොත් නාමයෝජනා භාරගැනීමේ වෙලාවෙන් දින දෙකකට පසුව නොවූ දිනයක ඡන්ද වීමසීම පැවැත්විය යුතු ය.

ඒ අනුව අද දිනයේ නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වුවහොත් 20 වැනිදා වෙන් වන්නේ ඡන්ද විමසිම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.

Related posts

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්

colombotoday

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

colombotoday

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑ

Admin

චෝදනා ආවේ අන්තවාදී ආගම්වල ඉන්න කට්ටිය නිසයි. අද එජාපය සුද්ද වෙලා. ආර්ථික යුද්ධයෙන් දිනන්නත් පුළුවන්. රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

colombotoday