ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරීම උදෙසා ප්රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙන එම ක්‍රියාවලින් වැළකීමට පියවර නොගත හොත් අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරන්නේ, මීට පෙර පැවති සියලු උද්ඝෝෂණවලදී යුද හමුදාව එවැනි ක්‍රියාමාර්ගවලට යොමු නොවූ බවයි.
මීට පෙර කළහකාරී අවස්ථාවලදී අවම බලය භාවිතා කළද ඉදිරියේදී ප්රචණ්ඩත්වය වැඩි කරමින් මහජන දේපළවලට හානී කිරීම් තවදුරටත් සිදුවන්නේ නම් මිනිස් ජිවිත සහ පොදු දේපළ සුරකීම සඳහා අවශ්‍ය බලය භාවිතා කිරීමට මැලි නොවන බවයි යුද හමුදාව පවසයි.
යුද හමුදාව නිකුත් කළ ඊට අදාළ නිවේදනය පහතින්…