World

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු කළ පලමු රට බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පත්ව තිබේ.

ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක් – සෙනසුරාදා සහ ඉරිදා යි.

ජනවාරි පළමුවනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර සිකුරාදා දිනවල එය පෙරවරු 07.30 සිට පස්වරු 12.00 දක්වා පැය 4 හමාරකට සීමාවනු ඇත.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි ඔවුන් නව සැළසුම ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Admin

‘අල්ලාහු අක්බර්’ කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට ආරක්ෂක අංශ වෙඩි තබයි

colombotoday