Colombo Today Local News

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

උප්පැන්න සහතිකය නිකුත් කරන විට එයට තවත් වෙනසක් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව “ශ්‍රී ලංකා අනන්‍යතා අංකය” උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවෙකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය “උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත” අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

වයස අවුරුදු 15 සපිරුණු පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

2008 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග අනුව සෑම ශ්‍රී ලංකා පුරවැසියෙක් සඳහා ම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත්කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.

එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මගින් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබාගැනීමේදී එම කටයුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට නිකුත් කිරීමට නියමිතය.

අනතුරුව එකී අංකය ඇතුළත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී උප්පැන්න සහතිකය නිකුත් කිරීමට කටයුතු කෙරේ.

Related posts

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

“පාර්ලිමේන්තුවේ 225ම හොරු නෙමේ.. “

colombotoday

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday