තිදරු වයෝවෘද්ධ මවක් අත්පා ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්රදේශයේ ඇගේ නිවස තුළදී අබිරහස් අයුරීන් මරා දමා තිබියදී ප්රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත සොයා ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත අයුරීන් ඝාතනය කර ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්රදේශයෙ පදිංචි 71 හැවිරිදි තිදරු මවකි.
ඇය තමාට අයත් පොල් ඉඩමේ තිබූ නිවසේ වාසය කර ඇති අතර දරුවන් ඇයව බැලිමට පැමිණ ඇත්තේද ඉඳහිට බවත් සඳහන්.
මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතම ඝාතනය කර තිබූ බවත් ඇයගේ සිරුර බාහිර තුවාල කිසිවක් දැක ගත නොහැකි වු බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සඳහන් කර සිටි.