Colombo Today Local News

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධ නඩු කටයුත්ත වෙනුවෙන් නිතිපති නියෝජනයක් ලබා ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බැවින් ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙසට ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තමන්ට නිතිපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතුව ඇති බැවින් ඉදිරි දිනයේදී එම උපදෙස් ලබාගෙන පැමිණීය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයාට ඉදිරිපත් කර ඇති 1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව කිසිදු සාක්ෂියක් ඔහුට එරෙහිව නොමැති බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට ජනාධිපති නිතීඥවරයා ඊයේ (06) අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෝසමක් ගොනු කරමිනි.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ නියෝජනයක් ලබා ගන්නා ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් ලබන 13 වැනිදා තෙක් මෙම සිද්ධිය කල් තැබීය.

හෘදයාබාදයක් හේතුවෙන් බන්ධනාගාර ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින සැකකාර අසාද් සාලි මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතත්තේ ලබන 14 වැනිදා තෙක්ය.

Related posts

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

ආය එන්නේ යන්න නෙවෙයි.. අරගෙනම යන්නයි.. මේක පෙරහුරුවක් – මහින්ද

colombotoday

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday