Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ ලබාදෙන ලෙස ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

මෙය නිල වශයෙන් කෙරෙන ඉල්ලීමකි. විදේශ ඇමැති ජී. එල්. පීරිස් මහතා එම සංවිධානයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි ආධාර ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත වී. ශරාන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත එම්. හර්විග් යන මහත්වරුන් අතර පසුගියදා සාකච්ඡා පැවැත්විණ.

එම සාකච්ඡාවල කේන්ද්‍රීය අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආහාර හිඟයයි. මෙහිදී ශ්‍රී ලංකාවේ පවත්නා ආහාර හිඟය රටට තර්ජනයක් වී ඇති ආකාරයත් ආහාර සුරක්ෂිතභාවයේ අවශ්‍යතාව පිළිබඳවත් අගමැතිවරයා විදේශීය සංවිධානවල නියෝජිතවරුන්ට පැහැදිලි කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවට ආහාර සහ බෙහෙත් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙරට කෘෂි අංශය රසායනික පොහොර සහ ඉන්ධන හිඟයකට බරපතළ ලෙස මුහුණ දී ඇති බව ද, නාගරික ජනතාව අතර කෘෂිකර්මය ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහනක් දියත් කිරීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා නවීන කෘෂිකාර්මික වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

Related posts

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද

Admin

“මහින්ද රට ආපස්සට ගෙනගියා.. එජාපය රට දියුණු කළා.. වැට් වැඩිවීම අනාගත ආයෝජනයක්” – අගමැති

colombotoday

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin

පාලන මිලට සහල් දෙන්න බෑ

Admin

මඩකලපු සිංහලයන්ගේ ඛේදජනක ඉරණම ගැන අම්පිටියේ හිමියෝ හඩ අවදි කරයි !

colombotoday