Colombo Today Local News

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

සෑම දින 15කට වරක්ම බොරතෙල් නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

සපුගස්කන්ද පිරිපහදුව මේ වනවිට පණ ගන්වා ඇති අතර එහි ඉන්ධන නිෂ්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ඉන්ධන බෙදා හැරිම අඛණ්ඩව සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

කෙසේ වෙතත් තවදුරටත් ප්‍රදේශ රැසක ඉන්ධන පෝලිම් දැකගත හැකි වේ.

Related posts

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin