Colombo Today Local News

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

මොරටුව කටුබැද්ද මංසන්ධිය ආසන්නයේ 255 බස්රථ මාර්ගයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වර්තා වේ.

පොලීසිය සදහන් කරන්නේම, අද දහවල් 1ට පමණ මෙම වෙඩි තබීම සිදුව ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට දැනට සිදුකළ මූලික විමර්ශනවලදී පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස, අඟුලාන, මොරටුව, මොරටුමුල්ල, යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ අතර පසුගිය සති කිහිපය ඇතුළත නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 18 දෙනෙක් පමණ මරණයට පත්වී තිබේ.

පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති ගැටුම් හේතුවෙන් එම වෙඩිතැබීම් සිදුකෙරෙන බවට සැකකරන බවයි.

Related posts

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්…

colombotoday

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

colombotoday

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක..

Admin

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday