කටාර් රාජ්‍යයෙන් මෙරටට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27දින) රාත්‍රියේ එරට බලා පිටත්ව ගොස් තිබේ.
එම සංචාරය සඳහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ද සහභාගි වී ඇත.
එරටින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මෙන් ම, මෙරට ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයෙන් රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.