Colombo Today Local News

ලංකාවේ බොරතෙල් කණින්න රෝඩ් මැප් එකක් හදන්න කෝපා කමිටුව අමාත්‍යංශයට කියයි

මෙරට ගෑස් හා බොරතෙල් කැණීම් කිරීම සඳහා කඩිනමින් මාර්ග සිතියමක් (Road Map) සකස් කරන ලෙස, කෝපා කමිටුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙරට භූමියේ අවශ්‍ය කැණීම් කර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු අදාළ මාර්ග සිතියමට ඇතුළත් කරන ලෙස උපදෙස් දුන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, මෙම කැණීම් කඩිනමින් කර අවසන් විය යුතු බව ත්, එය රටේ අවශ්‍යතාවක් වන බැවින් මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් මෙසේ උපදෙස් ලබා දෙමින් සඳහන් කර ඇත.

මේ සඳහා සම්බන්ධ වන පාර්ශ්ව පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරු විසින් විමසා ඇති අතර, මෙම කැණීම් සඳහා විදේශ රාජ්‍යයන්ගේ උපදෙස් අවශ්‍ය වන්නේදැයි යන්නත් විමසා ඇත.

ඊට වෙනත් රාජ්‍යයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බව පැමිණ සිටි නිලධාරීන් එහිදී පෙන්වා දී තිබේ.

ලංකාවේ සැලසුම් කොට ඇති ස්වාභාවික වායු කැණීමේ ව්‍යාපෘති (LNG) පිළිබඳව සහ ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළ අමාත්‍යංශ නිලධාරීන් මෙම කැණීම් සඳහා විවිධ බාධා පවතින බව ද කෝපා කමිටුව හමුවේ පෙන්වා දී ඇත.

Related posts

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

“ශාසනාරක්ෂක සභාව රැස්වෙයි“ සියළුම ජාතික සංවිධාන 19 නුවරට !

colombotoday

මිනිස් වෙස් ගත් නොමිනිසුන් ගල්ගමුවේ දල පූට්ටුවා මරා දමයි.. කෑලි කපා තැන තැන වලළයි !!

colombotoday

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

colombotoday