Colombo Today Local News

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

අධිවේගී මාර්ගයේ යතුරුපැදි ගමන් කිරීම තහනම්ව තිබියදී පොලිස් කොස්තාපල්වරයෙකු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිය මෝටර් සයිකලය පදවාගෙන ගොස් අනතුරක් කිරීම සම්බන්ධයෙන් ඊයේ (26)දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වන මොහොතේ බීමතින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මොහු බෙම්මුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන නිලධාරියෙකු බව වාර්තා වේ.

සැකකාර කොස්තාපල්වරයා කොතලාවල පිවිසුමෙන් සිය යතුරුපැදිය දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර තිබේ. පසුව ඔහුට ඉදිරියට ගමන් නොකරන ලෙස පොලිස් නිලධාරීන් දැනුම් දී ඇති අතර ඉන්පසු ඔහු සිය යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කර තිබේ.

අධිවේගී මාර්ගයේ එලෙස කිලෝමීටර් දෙකක් පමණ සිය යතුරුපැදිය ධාවනය කර ඇති මොහු ඉන් අනතුරුව අධිවේගී මාර්ගයේ ගමන්ගත් කාරයක ගැටී ඇත. අනතුරින් කාරයට ද යතුරුපැදියට ද හානි වී තිබේ.

කෙසේ වෙතත් ඔහු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු ඊට පසුපසින් විරුද්ධ තීරුවේ පැමිණි පුද්ගලයෙකු එය ජංගම දුරකතනයේ රූපගත කර තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සපුගස්කන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල් අද (27)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සැකකරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කරන බව සපුගස්කන්ද පොලිසිය කියයි.

සේවා මුරය නිම වීමෙන් පසු පොලිස් ස්ථානයට නොදන්වා මොහු මෙලෙස අධිවේගී මාර්ගයේ පැමිණ තිබේ.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් මහේෂ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday