Colombo Today Local News

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 54ක් අත්අඩංගුවට

නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා යාමට සුදානමින් සිටි 54 දෙනෙකු කල්මුණේ හිදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රාවක්ද අද අලුයම මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශවල පදිංචිකරුවන්ද සහ ඔවුන්ගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නොමැති බව නාවික හමුදාව පවසයි.

මෙරට සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ඊයේ නිවේදනය කළේය.

ඉන් 91 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර 05 කට ආසන්න සිරදඩුවමකට ලක්වීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගනී

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2ක්

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

colombotoday

ප්‍රතික්ෂේප කල ඥානසාර හිමිගේ නාමයෝජනා පිළිගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

colombotoday