World

ලිංගික අපරාධ ඉහල යාමෙන් පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉයවහා ගොස් ඇති බැවිනි.

මාධ්‍ය හමුවක් පවත්වමින්, පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය. කාන්තාවන් සහ කුඩා දැරියන්ට එරෙහිව ලිංගික අපරාධ ඉහවහා යෑම බරපතල සමාජීය ගැටලුවක් යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

‘‘දිනපතා පන්ජාප ප්‍රාන්තයෙන් ස්ත්‍රී දූෂණ පහක් හෝ හයක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම කළ යුතුයි. නීති දැඩි කළ යුතුයි. ලිංගික හිරිහැරවලට කිසිදු ඉඩක් ලබාදිය යුතු නැහැ.’’ යැයි පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

Related posts

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday