Colombo Today Local News

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපති හමුවෙයි

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අද පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේ ය.

ශ්‍රී ලංකාව හා කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, ආයෝජන අවස්ථා, කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමා එහිදී දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ක්ෂේත්‍ර ගණනාවකින් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට මෙරටින් අපනයන කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවය.

මියන්මාරය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල තානාපතිවරුන් එම සාකච්ඡාවට එක් විය.

Related posts

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

colombotoday

ජූලි 1 සිට මැදපෙරදිග රටවල් 6 කින් මෙරටට ගොඩ බැසීම තහනම්

colombotoday

රනිල්, බැසිල්, මලික්, විමල් අශුද්ධ හවුලක් ගැන ජනිපෙ හිටපු නායකයෙක්ගෙන් හෙළිදරව්වක් !!

colombotoday