Colombo Today Local Newsකරණම

රනිල්, බැසිල්, මලික්, විමල් අශුද්ධ හවුලක් ගැන ජනිපෙ හිටපු නායකයෙක්ගෙන් හෙළිදරව්වක් !!

ප්‍රතිවිරුද්ධ මත දරණ බව පෙන්වූවත් රනිල් වික්‍රමසිංහ – බැසිල් රාජපක්ෂ දෙදෙනා එකම අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටින හවුලක් බවත්, එම හවුලේ වුවමනාවන් වෙනුවෙන් ඇමති මලික් සමරවික්‍රම හරහා ජවිපෙ නායක අනුර දිසානායක හා ජනිපෙ නායක විමල් වීරවංශ මෙහෙයවමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා කියා සිටී.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් එක්කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.  මේ සමග දැක්වෙන්නේ ඔහුගේ ප්‍රකාශයයි

“අප හවුල් ආන්ඩු දැක තිබේ. හවුල් හදනවාද දැක තිබේ. හවුල් බිද වැටෙනවාද දැක තිබේ. එහෙත් මා මේ කියන්නේ පුදුම හවුලක් ගැනය. එය දැනුදු ක්‍රියාත්මක අප්‍රකාසිත අසුද්ද හවුලකි. එකට සිට වැඩ නොකරන එහෙන් වෙන් වෙන්ව එකම අරමුනක් වෙනුවෙන් වැඩ කරන බලවත් හවුලකි.

එහි මහ මොලකරුවන් වන්නේ රනිල් – බැසිල් – මලික් ය. රනිල් බටහිර ඒජන්තයාය. බැසිල් බටහිර සහය සහිත ඉන්දියන් ඒජන්තයාය. තම දේශපාලන උවමනාව වෙනුවෙන් රනිල් රතු අලි පැටියා ඉතා හොඳින් කලමණාකරනය කර ගනී. ඔවුන්ගේ විවේචනය එල්ල වෙන්නේ රනිල් අමාරුවේ නොවැටෙන සීමාව දක්වා පමණි. බැසිල් තම දෙශපාලන උවමනාවන් වෙනුවෙන් කහ අලි පැටියා හසුරුවා ගනී.(එහි මහින්දගෙ හෝ ගොටාගේ උවමනාව නියෝජනය නොවන අතර එක් පුද්ගල පටු උවමනාවකි) ඊට අතගෑම,රුවටීම,බිය ගැන්වීම් සිදු කරයි. කෙසේවුවත් අවසානයේදී කහ අලි පැටියාට තම හිතට එකග නොවුනද කිරිමට සිදුවන්නේ ඉහලින් පැමිණි ඕඩරයයි. අපේක්ෂකයින් තෝරා ගැනීමේදී ඔහු ඉහල ඕඩර් කීයකට නම් යටත් වීද.

මේ අලි පැටවු දෙදෙනා සම්බන්දීකරනය කරනේ මලික් ය. රතු අලි පැටියා රහසේ පාර්ලිමේන්තුවේ දීද, කහ අලි පැටියා රෑට රෑට ඔටස් ක්ලබ් එක අසලදීත් හමුවේ. (හමුවු එක් ස්තානයක් පමනි අවස්‍ය ලෙස ස්තාන වෙනස් කරගනී) අවසානයේදී මෙම අසුද්ද හවුල මෙසේ පලල් විය යුතුය. එනම් රනිල් – බැසිල් – මලික් – අනුර – විමල් අසුද්ද අප්‍රකාසිත හවුල ලෙසයි.

එදා 2015 බටහිර හා රෝ උවමනාවට සෑදුනු හවුල දැන් ඉරි තලා හමාරය.. එවන් මොහොතක රටට අවස්‍ය ජාතික හවුල ගොඩනැගීම වෙනුවට මොවුන් කලේ කුමක්ද? රනිල්ට 2020 ජනාධිපතිවරණ පාවාඩය එලීම නොවේද? අවසානයේ මෙම අසුද්ද හවුලේ මහම මහ මොලකරුවා රනිල්මය. ජාතිකවාදි බැටලු හම පොරවාගත් නායකයන් සටන පාවා දි ඇත. දැන් තීරණය ජනතාව අතේය .අපි ජනතාව විස්වාස කරමු. මෙම සත්‍යය ප්‍රකාශ කිරීම යම් පමනකට අවදානම් සහගතය එහෙත් 88/89 රාජය මර්දනය තුලද තුන් වරක් දිවි ගලවාගත් මා මේ ගෙවනු ලබන්නේ ජිවිතයේ අමතර කාල පරිච්ඡේදයකි.ඉතිහාසය පුරා මා පෙනීසිටි සත්‍යය වෙනුවෙන් ජිවිතයේ ඉතිරි කොටසද දනින් නොවැටි පෙනී සිටිමි.”

– ප්‍රියන්ජිත්  විතාරණ

Related posts

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

“එජාප නොමග ගිය මන්ත්‍රීන්ට නාමයෝජනා ගන්න වෙන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන්”

colombotoday

උතුරේ සිංහල ගම්මානවලට TNA විරෝධය.. කෑකෝ ගසමින් උතුරු සභාවේදී විරෝධය දක්වයි

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

ලංකාවේ නැව් දෙකක් සිංප්පූරුවට දෙන්න කැබිනට්ටුවේ අනුමැතිය

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin