Colombo Today Local News

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකුට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කළේය.

අද (17)දින අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එම දඩය නියම කෙරිණි.

මෙසේ රුපියල් දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති අයෙකුටය.

ඔහු හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිණි.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා සැකකරුට එරෙහිව කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි.

Related posts

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

colombotoday

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

ඉන්දියාවේ සිට සේවකයින් 45 දෙනෙකු රැගෙන එයි

colombotoday