
ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිතුමාගේ රුපියල් ලක්ෂ 25 ක මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය රණවිරු සංසදයට අයත් 19 වන ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරීයේ නිරතව සිටියදී දිවි පිදූ රණවිරු
සෙ/16F00168 කෝප්‍රල් කවීන්ද්‍රලාල් සේනාධීරගේ මෑණියන් වන S.G කළ්‍යාණවතී මව වෙනුවෙන් ඉදි කල නව නිවසට ගෙවදීමේ විශේෂ වැඩසටහනක් 2022 ජූනි මස13 දින දොඹගොඩ, හොරණ පිහිටි එම නිවසේ දී සිදු කරන ලදී.
රණව්රු සේවා අධිකාරියේ උපසභාපතිනී සහ සෙනෙහස විශේෂ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරිනී, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් සිදු කරන ලද පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ ගරු සභාපති චමල් ද මෙල් මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ පූර්ණ මැදිහත්වීම මත සිදු කරන ලද සත් ක්‍රියාවකි.
වර්ෂ 2009 පෙබරවාරි මස 18 වන දින මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී රට දැය වෙනුවෙන් දිවි පිදූ මෙම රණවිරුවාගේ මෑණියන් ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවස 2021 වර්ෂයේ ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ නායයෑම් තත්වයෙන් හානියට පත් විය.
මෙහිදී වහා ක්‍රියාත්මක වූ රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් මෙම රණවිරු පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීම සඳහා වන මූලික කටයුතු සිදු කරන ලදී. 2021 දෙසැම්බර් මස 23 වන ඉදිකිරීම් කටයුතු ආරම්භ කල මෙම නිවස මාස 6 ක් වැනි කෙටි කලකදී නිම කර දීමට යුධ හමුදා සෙබළුන්ට හැකි වන ලදී.
රුපියල් ලක්ෂ 25 ට ආසන්න මුදලක් වැය කරමින් දානපති චමල් ද මෙල් මහතා විසින් අනුග්‍රාහකත්වය ලබා දුන් නව නිවස ඉදිකරදීම සඳහා රණවිරු සේවා අධිකාරියේ හමුදා සම්බන්ධීකරණ අංශයේ මැදිහත්වීම මත යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් කටයුතු කරන ලදී.
ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපති, චමල් ද මෙල් මහතාගේ අනුග්‍රහකත්වය මෙම සත්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සැමට තිළිණ ප්‍රදානය කිරීමක් ද මෙම අවස්ථාවේදී සිදු කරන ලදී.
ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපති, චමල් ද මෙල් මහතා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා, රණව්රු සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරීනී, ගයේෂි ලක්ෂිකා මෙනවිය ඇතුළු පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි විය.











