Colombo Today Local News

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

කුරුවිට හා මල්ලාවි යන ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී තිබේ.

කුරුවිට පොහොරබාව ප්‍රදේශයේදී බීමත්ව පැමිණි පුත්‍රයෙකු තම 66 හැවිරිදි පියාට මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පුත්‍රයා හා ඔහුගේ බිරිඳ අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත්කිරීමට යාමේදී පියා එලෙස ඝාතනයට ලක්ව තිබේ.

ඝාතනයට සම්බන්ධ 34 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිසිය සඳහන් කරයි.

මේ අතර මල්ලාවි පාලිනගර් මාර්ගයේ හිසේ ලේ ගලන තුවාල සහිතව වැටී 40 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා අනාරාධිතව උපන් දින සාදයකට සහභාගිවී නිවසට පැමිණෙන අතරතුර මෙම සිද්ධියට මුහුණ පා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

colombotoday

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තයින් භාරගත් හැටි

colombotoday

සදාකාලිකවම හිරගෙදරට යාමට හෝ මිය යාමට සූදානම් – නාමල් කුමාර

colombotoday

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin