Colombo Today Local News

අර්බුදය හමුවේ සීසර්ලාත් වැඩට බහී

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ලීසිං සමාගම් සීසර්වරුන් මගින් වාහන පැහැර ගැනීම නැවතත් ආරම්භ කර ඇතැයි පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා චෝදනා කරයි.

කොවිඩ් වසංගත සමයේ මේ සඳහා යම් විසඳුමක් ලබා දී තිබුණ ද මේ වන විට නැවත වරක් ලීසිං සමාගම් සුපුරුදු පරිදි ජනතාව පීඩනයට පත් කරමින් සිටින බව මල්සිරි මහතා අවධාරණය කරයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට හා වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාමට විසඳුමක් ඉල්ලා සිටි ජනතාවට ලීසිං සමාගම්වලින් ලැබෙන පීඩනයත් එකතු වී ඇතැයි ඔහු පැවැසුවේ ය.

මෙවන් අර්බුදවලට හසු වී සිටින තම සංගමයේ සාමාජිකයන් බොහොමයකට සේවයෙන් ඉවත් වන්නට සිදුව ඇති බවත් ඔවුන්ගේ පවුල් හා මේ සේවය ලබාගන්නා ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව හෙතෙම කීය.

ඉන්ධන ගැටලුවටත් වඩා දරුණුව පවතින ලීසිං සමාගම් අර්බුදයට රජය කඩිනමින් විසඳුම් දිය යුතු බව ත් එසේ කටයුතු නොකිරීමෙන් රටේ ජනතාව තවදුරට ත් අපහසුතාවට පත්වෙන බවත් මල්සිරි මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ දුෂණ වංචා පිලිබඳ අනාවරණයක්

colombotoday

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

තියුණු ආයුධයකින් කපා බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලා ගනී

colombotoday

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin