Colombo Today Sports News

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කුසල් පෙරේරා ස්ථාන 10ක් ඉදිරියට

දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.

ඒ අනුව, ඔහු ශ්‍රේණිගත කිරීම්වල 38 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රේණිගත කිරීම්වල 100 වන ස්ථානයේ රැඳී සිටින්නේ දැනට තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් ය.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 841ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඩේවිඩ් ම්ලාන් ට හිමිව තිබේ.

මේ අතර 20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට සිදුව ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 747කි.

ප්‍රසාද ලකුණු 775ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ෂම්සි පළසු ස්ථානයේ රැඳි සිටී.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

colombotoday

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin

(Video) කැන්ගරු අභිමානය බින්දුවට දමා සිංහයන්ට ජය ගෙනා ඊයේ තරගයේ විශේෂ අවස්ථා මෙන්න

colombotoday

යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin