Colombo Today Sports News

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කුසල් පෙරේරා ස්ථාන 10ක් ඉදිරියට

දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.

ඒ අනුව, ඔහු ශ්‍රේණිගත කිරීම්වල 38 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රේණිගත කිරීම්වල 100 වන ස්ථානයේ රැඳී සිටින්නේ දැනට තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් ය.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 841ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඩේවිඩ් ම්ලාන් ට හිමිව තිබේ.

මේ අතර 20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට සිදුව ඇති අතර ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 747කි.

ප්‍රසාද ලකුණු 775ක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ෂම්සි පළසු ස්ථානයේ රැඳි සිටී.

Related posts

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවට

colombotoday

ජූනි මාසයේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

Admin

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin

නායකත්වය තිසරට. නම් කරන ලද ශ්‍රී ලංකා T20 කණ්ඩායම

colombotoday

අවසන් තරගය අද

Admin

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin