Covid 19

හෝමාගම රෝහලේ නරක්වෙමින් තිබු කොවිඩ් මළ සිරුරු ප්‍රා.සභා වියදමින් ආදාහනය කරයි

හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක් තබා තිබූ කොවිඩ් මෘත ශරීර හතක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ ආදාහනය කිරීමට තීරණය කර තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ වියදමින් මෙම කොවිඩ් මළ සිරුරුවලට මිනී පෙට්ටි ලබාදීමටද කටයුතු කළ බවත් ඊයේ (5)දිනයේදී එම මළසිරුරු දෙකක් ආදාහනය කළ බවත් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ පැවසීය.

දින ගණනාවක් තිස්සේ හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු 07ක් තිබී තිබුණේ රජයේ වියදමින් ආදාහනය කිරීමට ​මිනිපෙට්ටි ලබාගත නොහැකි වීමෙනි.

හෝමාගම රෝහලේ මෘත ශරීරාගාර​යේ ශීතාගාරවල මෘත ශරීර තැබීමට ඉඩ පහසුකම් ඇත්තේ දේහ හතරකට පමණි.

මේ හේතුවෙන් ඉතිරි මෘත ශරීර ශීතාගාරවලින් පිටත තබා ඇති බව රෝහල් බලධාරීහු සඳහන් කළහ. ඉන් මෘත දේහ දෙකක් නරක්වෙමින් පවතින බවද රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය.

කෙසේ වෙතත් රෝහල් කාර්ය මණ්ඩලය පෙරේදා (4)දිනයේ මෙම කොවිඩ් මළසිරුරු ආදාහනය කරන ලෙස ඉල්ලමින් නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

මේ අතර මහනුවර රෝහලේ මෘතශරීරාගාරයේ දින 15ක් පමණ තිබූ කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයකුගේ මළ සිරුරක් ද ඊයේ (5)දින පස්වරුවේ ආදාහනය කිරීමට කටයුතු කෙරිණි.

Related posts

පාස්ටර්ගේ Zoom දේව මෙහෙයට සහභාගී වෙන්න නිවසකට ගිය කතට කොවිඩ් – පවුල් 6ක සාමාජිකයින් නිරෝධායනයට

colombotoday

ඇමති බන්දුලටත් කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි.

colombotoday

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

colombotoday