රුපියල් 5000 සහනාධාර මලු සොරකම් කළ පුද්ගලයින් 6 දෙනෙකු බගවන්තලාව බ්රිඩ්වෙල් වතුයායේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ජනතාවට බෙදා හැරිම සඳහා ගබඩා කර තිබූ සහනාධාර මලු 15 ක් ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටියදී පිරිස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී සොරකම් කළ තවත් සහනාධාර මලු 8 ක් සොයා ගත් බව පොලීසිය පැවසී ය.
සිද්ධිය සම්බන්ධයෙන් වසම භාර ග්රාම නිලධාරීයා පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද හැට්න් මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.