Colombo Today Local News

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

mangala samaraweeraපෙරේදා (11) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.

දකුණේ අම්මලාගේ දුක වෙනුවෙන් වගේම, උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? ජීවිතාන්තය දක්වා කඳුළු සළමින් තම දරුවා, ස්වාමිපුරුෂයා, එනතුරු බලාසිටියා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් තුළින් ලෝකයට යථාර්ථයක් පෙන්වා දෙන්නට පුළුවන්. මෙය අධිකරණ යාන්ත්‍රණයක් නොවේ. දඬුවම් ලබාදෙන්න බෑ. නඩු අහන්න බෑ.

අතුරුදහන්වූවන් සොයා බැලීම, පසුබිම සොයාබැලීම ආදී කාරණා පමණයි සිදු වෙන්නේ. මෙයින් හමුදාව පාවා දෙනව කියනවා. එහෙම පාවා දීමක් සිදුවන්නේ නෑ. ත්‍රිවිධ හමුදාවේ මෙන්ම අපේ රටේ කීර්තිමත් නාමය යළිවතාවක් තහවුරු කරන්නට මෙමඟින් හැකි වෙනවා. අපේ ආණ්ඩුවට හංගන්න කිසි දෙයක් නෑ. යළි මෙවැනි සිද්ධීන් ඇති නොවී, ශ්‍රී ලංකාව අලුත් රටක් ලෙස නිර්මාණය කිරීමයි අරමුණ.

මෙය තොරතුරු දැනගැනීමේ පනතට ඇතුළත් නෑ කියලා කියනවා. තොරතුරුවල රහස්‍යභාවයට පමණයි අදාළ වන්නේ. මෙය තොරතුරු පනතට පටහැනි කියන කරුණ සම්පූර්ණයෙන් ම වැරදියි. මේ කාර්යාලයට අසීමිත බලයක් නෑ. මානව හිමිකම් කොමිෂමකට තිබෙන බවය තිබෙන්නේ. කිසියම් රැදවුම් ස්ථානයක නිල නොවන ලෙස රඳවාතබා සිටී නම් පූර්ව දැනුම්දීමකින් තොරව යැමට හැකියාව පවතිනවා.

පසුගිය රජය ජාත්‍යන්තර යුද අධිකරණයකට පාර කපා තිබුණේ. ජාත්‍යන්තර විශේෂඥයන් පිළිබඳව කතා කරනවා. මහින්ද රාජපක්ෂ කාලයේ විශාල ලෙස මෙරටට විශේෂඥයින් ගෙනැල්ල පඩි දුන්නා. අපි හැංගි හොරා විශේෂඥයින් ගේන්නේ නෑ. විවිධ කටකතා කියයි. සැබෑ ද්‍රෝහීන් කවුද කියා හඳුනාගනීවී. දින එක හමාරක් විවාදයට තිබියදී අපිට කෙටුම්පත සම්මත කරගන්නට හැකි වුණා

Related posts

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

colombotoday

ඇමති බදියුදීන් ජාත්‍යන්තරය ඇවිලවීමේ සූදානමක… සිංහලයන් සුළු ජාතීන්ට හිරිහැර කරනවායි පෙන්වීමට වීඩියෝවක් හදයි !!

colombotoday

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday

අයවැය ප්‍රකාශය : ත්‍රෛලෝක විජය පත්‍ර නිෂ්පාදනයෙන් ආර්ථිකය ගොඩ දාන්න යෝජනාවක්. දේශගුණය වෙනස්වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක්

Admin

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday