Colombo Today Local News

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

fcid-ranil

මෙතෙක් කරගෙන ආ විමර්ෂණ කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා CID හා FCID ප්‍රධානීන්ට දැන්වා ඇතැයි වාර්තා වේ.

අද පස්වරුවේ CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට පවසා ඇත්තේ ‘ඔබතුමන්ලා මෙතෙක් කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යන ලෙස අගමැතිවරයා දැන්වූ’ බවයි.

මේ අතර ජනාධිපතිවරයා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අගමැතිවරයාට දන්වා ඇතැයි, එජාපයට හිතවත් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

අගමැති රනිල්ව පතුරු අරින සිරසේ, සමූහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එජාප මන්ත්‍රී මරික්කාර් !

colombotoday

පුත්තලමේ පදිංචිකරුවන් ඡන්දය දාන්න මන්නාරමට අදින්න බදුර්දීන් බස්රථ 200ක් යොදවයි

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයි

Admin

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Admin

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday