Colombo Today Local News

උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයි

දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර උදෑසන (09) 6.45ට පමණ අනතුර සිදුව ඇත්තේ දොළොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය, උඩුවැල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර මෙසේ සිදුවී ඇත.

එහිදී බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු, මගීන් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ දී බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසී ඇති බවත්, ඒ සමගම බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඇති අතර, රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමට සලස්සවා නතර කරගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණයේ දී පොලීසියට අනාවරණය වී තිබේ.

බස් රථය අනතුරට පත් වු ස්ථානයේ සිට මිටර් 300ක පමණ දුරකින් අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බවත් පොලීසිය කියා සිටියේය.

අදාළ බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබී පසුව නැවත අලුත්වැඩියා කර ධාවනයට එක්කර ඇති බව නාවලපිටිය ඩිපෝවේ නිලධාරියෙකු පැවසීය.

Related posts

උතුරේ ආරක්ෂාව ගැන සාකච්ඡාවකදී තියුණු ආයුද ගත් පිරිසකගෙන් නිවෙසකට ප්‍රහාරයක්

colombotoday

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි..!

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday