ඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පවත්වා තිබේ.
ශ්‍රී පැවති අවසන් යුද්ධ කාලයේ හමුදාවට භාර වූ හා අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයින් 104 දෙනෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාවය පැවත්වූ අතර ඊට සහභාගි වූ 200 දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි.
පෙරියර් ද්‍රවිඩ කලහම් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
එහිදී විරෝධතාකරුවන් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුරුවක් සකසා පුළුස්සා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.