Colombo Today Local NewsHot News

සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…

එක්සත් ජාතික පක්ෂයට සමීපව  කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරිකයන් පසුගිය යහපාලන රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙන අතර, මෙලෙස දූෂණය, වංචාව නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියා සිවිල් සංවිදාන මුවාවෙන් දේශපාලනයේ නිරතවූ මොවුන් තමන්ගේ රජයක් පත්කරගෙන  මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්‍රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.

මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.

තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී.  මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.

දඹර අමිල හිමි මාසිකව අනූ පන්දහසක මුදලක් ලබා ගෙන තිබෙන අයුරු,

ගාමිණි වියන්ගොඩ සම්බන්ධ සැලසිනේ ලක්ෂ 27ක වංචාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.

ගාමිණි වියන්ගොඩගේ බෑනා සුභාෂ් පින්නපොලගේ ආයතනයටද රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් හිමිව තිබූ අයුරු,

 

 

Related posts

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

colombotoday

දකුණ පුරා පැතිර යන පලගැටි උවදුර

colombotoday

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Admin