Colombo Today Local News

පොලොන්නරුව, බැඳිවැව නීති විරෝධීව පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වටලයි

පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ජාවාරමක් වටලා බුරුත, කොහොඹ ආදී තහනම් දැව කඳන් සහ ඉරා සකස් කරන ලද දැව තොගයක් සමඟ එක් සැකකරුවෙකු අද (04)දින අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.

ලී ඉරීම සඳහා භාවිත කල ජංගම ලී ඉරුම් පට්ටලයක් යාන්ත්‍රික කියත් ආදියද එහි තිබී පොලීසිය බාරයට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු විසින් කාලයක් තිස්සේ රහසිගතව මෙම දැව ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණයවී ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

Related posts

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

colombotoday

අසහනය නිසා කාදිනල්ගේ කටින් පිටවෙන දේවල්වලට පහර දීම වැරදියි. | මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගෙන් ප්‍රකාශයක්.

colombotoday

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday