Colombo Today Local News

‘ජනපති මරමු’ යි ෆේස්බුක් එකෙන් කියූ කෙනා අත්අඩංගුවට !

අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මරණීය තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයකු මැලේසියාවේ සිට ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බොදුබල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ රණවිරුවන් රිමාන්ඩ් කිරීමටත් විරෝධය පා ඔහු ජනපතිට එරෙහි මරණීය තර්ජන සහිත පණිවිඩ සටහන් ෆේස්බුක් ගිණුමේ පළ කළ බව වාර්තා වේ.

මෙම පුද්ගලයා වීසා නොමැතිව මැලේසියාවේ රැඳීසිටියදී එරටින් පිටුවහල් කර තිබේ. ඒ අනුව අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් ජනාධිපති ගෝඨාභයට හොද නැත්තේ ඇයි?

colombotoday

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

Admin

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday